වෛද්‍යවරුන්ගෙන් විරෝධතා සතියක්


ලබන සඳුදා (10 වැනිදා) ආරම්භ වන සතිය විරෝධතා සතියක් යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද විසඳුම් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම විරෝධතා සතිය ක්‍රියාවට නංවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයකු වන වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියයි.

මෙම ගැටළු සම්බන්ධයෙන් ලබන සතියේදී විසඳුමක් නොලැබුණහොත් වැඩ වර්ජනයක් දක්වා එය දුරදිග යන බවත් වෛද්‍ය කොළඹගේ මහතා වැඩිදුරටත් පැවසීය.