(රන්ජන් කස්තුරි)
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටළු කීපයක් මුල්කර ගනිමින් ලබන සඳුදා (19) සිට සතියක් පුරා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම, නුසුදුස්සන්ට පත්වීම් දියහැකි පරිදී වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව අත්තනෝමතික ලෙස වෙනස් කිරීම, නව පනතක් හරහා රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය, වෛද්‍ය ස්ථානමාරු පටිපාටිය උල්ලංඝනය කිරීම යන කරුණු මුල්කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

