වෛද්‍ය හේමන්ත හේරත් නැවතත් නිරෝධායනයට


(ඩයනා උදයංගනී)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා යළිත් වරක් ස්වයං නිරෝධායනයට යොමුව ඇත.

කොවිඩ් ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකුවීම හේතුවෙන් ඔහු නිරෝධායනයට යොමුව සිටින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

ඔහු වීම පෙර පසුගිය මාසයේ ද ස්වයං නිරෝධායනයට යොමුවූයේ සිය කාර්ය මණ්ඩලයේ සේවය කරන කිහිප දෙනකු කොවිඩ් ආසාදිතයකුවීම හේතුවෙනි.

කොවිඩ් ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙක් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන සිටියත් නැතත්, ආසාදිතයකු හෝ වයිරසය ව්‍යාප්ත කරන්නකු විය හැකි නිසා එවැනි අය දින 14ක නිරෝධායනය විය යුතු බව බටුවන්තුඩාව මහතා සඳහන් කළේය.

එම නිරෝධායනයෙන් පසු පී.සී.ආර් පරීක්‍ෂණයක් කරගත යුතු බව කී වෛද්‍යවරයා රෝග ලක්‍ෂණ නොමැති වුවත් ඔවුන් වයිරසය බෙදාහරින අය විය හැකි බව ද හෙතෙම කීවේය.