වෛද්‍ය ෂාෆි ගැන පැමිණිලි කළ මව්වරුන් පරීක්ෂා කරන්න කමිටුවක්


(නිමන්ති රණසිංහ)

වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා ගැන පැමිණිලි කළ මව්වරුන් පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කිරීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ වනවිට පැමිණිලි කළ මව්වරුන්ගේ සංඛ්‍යාව 700 ඉක්මවා ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.