වෛද්‍ය නිලධරයන්ගේ සංගමය කළුතර රෝහල්වල වැඩ වරති


(රංජන් කස්තුරි)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (24) දහවල් 12 සිට කළුතර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ රෝහල්වල පැය 24 ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නාගොඩ රෝහලේ ක්‍රියාත්මක කරමින් තිබියදී සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ මැර පිරිසක් පැමිණ එය කඩාකප්පල් කිරිමට විරෝධය දැක්වීම සඳහා එම වැඩවර්ජනය ක්‍රියාත්මක කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.