
(අංජුල මහික වීරරත්න)
සීප්පුකුලම, තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලයේ සිසුසිසුවියන් හට ඔවුන්ගේ අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගී වීමට අද (05) අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක් ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
එහිදී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ දේශනයක්ද කළේය.
මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම සංකේතවත් කරමින් තිළිණයක් ලෙස පාසල වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කෙරිණි.



