වේයන්ගෙඩ ඛේදවචකයක්:මව බේරා පුතාත් පෙම්වතියත් ඔයේ අතුරුදහන්


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

දී ඇල් ඔයේ ගසා ගෙන ගිය මව බේරා ගැනීමට ඔයට පැන්න පුතා ද ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය ද දියේ ගිළී අතුරුදහන් වී ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.

මව බේරා ගැනීමට පුතාට හැකි වුවත් ඔහුට ඔහුගේ දිවිය බේරා ගැනීමට හැකි වී නැත.

දියේ ගිලෙමින් සිටි බව මව බේරා බේරා ඇතත් අධික සැඩ පහර නිසා ඔහුට ගොඩබිමට පිහිනා පැමිණීමට නොහැකි වූ නිසා ඔහු ද දියේ ගිලී ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

සිය පෙම්වතා ගසාගෙන යන අයුරු දුටු පෙම්වතිය බව කියන තරුණිය ද ඔහු බේරා ගැනීමට දියට පැන ඇති අතර පසුව දෙදෙනාම සැඩ පහරට අසුවි දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙසේ දියේ ගිළී අතුරුදහන්ව ඇත්තේ අවුරුදු දහඅටක් වයස ඩිලාන් මධුසංඛ සහ ඔහුගේ පෙම්වතිය බව කියන ඉමල්කා මධුවන්ති විමලරත්න නමැති 23 හැවිරිදි තරුණිය වෙති.

නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදා  අතුරුදහන් ව සිටින දෙදෙනා සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

සරස්වතී නැමැති  කාන්තාව අද හයට පමණ නිවස අසලින් ගලා බසින දීගල් ඔයේ නාමින් සිටියදී සැඩ පහරට අසුවී ගසාගෙන යමින් සිටියදී දුටු ඔහුගේ 18 හැවිරිදි පුතා මව බේරා ගැනීමට ඔයට පැන ඇතැයි පොලිසිය කියයි.

මව බේරා ගැනීමට පුතා හැකි වුවත් ඔහු සැඩපහරට හසුවී ගියේ දියේ ගසාගෙන අයුරු දුටු පෙම්වතියදසිය පෙම්වතා බේරා ගැනීමට  ඔයට පැන්න අවස්ථාවේ දෙදෙනාම සැඩපහරට හසුවී හසුවී හසුවී අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.