වෙහෙස මහන්සී වී අරමුණු ඉටු කර ගනිමු


 

(අංජුල මහික වීරරත්න)

එළඹෙන අවුරුද්ද මීටත් වඩා භාග්‍යමත් සහ සමෘද්ධිමත් කර ගැනීමට වෙහෙසෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි වනුයේ සියලුදෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් පමණක් බවද ජනාධිපතිවරයා කීය.

එබැවින් පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු අතර අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වනුයේ එවිටයැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.