වෙරළ ක්ලීන් කරන වැඩේ අද සිට අරඹයි


(අංජුල මහික වීරරත්න)

රට පුරා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද සිට අරඹන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහන යටතේ " සුන්දර වෙරළක් ආකර්ශනීය සංචාරක ගමනාන්තයක්" යන තේමාවෙන් මෙම වැඩසටහන අරඹනු ලබයි.

බස්නාහිර සහ දකුණු පළාත් ආවරණය වන පරිදි කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට ස්ථාන 124 ක් කේන්ද්‍ර කර ගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන අරඹන බවද සමුද්‍රී ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.