(චන්ද්‍රසිරි ගුණසේකර)
ගාල්ල උඩුගම අක්කර අසූව රක්ෂිත ප්‍රදේශයෙන් කපා අලෙවි කිරීමට රැගෙන යාමට සූදානම්කරමින් සිටි වෙනිවැල්ගැට කිලෝ 500 ක පමණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට තවලම අඩවි වන නිලධාරීන් සමත්වී තිබේ.
මෙම වෙනිවැල්ගැට තොගය සහ ප්‍රවාහනය පිණිස යොදාගත් වෑන් රථයද උඩුගම පොලිසිය වෙත භාරදී ඇති අතර සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරබ තෙක් ඇප මත මුදාහැර ඇත.
ගාල්ල දිසා අඩවි වන නිලධාරී වසන්ත ලියනගේ සහ සහකාර දිසා අඩවි වන නිලධාරී බන්දුසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත තවලම අඩවි වන නිලධාරි එම්.එච්.අකිතද සිල්වා බීට්ටු වන නිලධාරී වන චමින්ද කොඩිකාර,සහ බී.එම්. ප්‍රසාද් යන මහත්වරු මෙම වැටලීම සිදුකර තිබේ.