වීඩියෝ ගේම් අත්හදාබලන්න මවට පහරදීලා


( නිමාලි කහවල)

වීඩියෝ ගේම් වලට දැඩි සේ ඇබ්බැහි වූ දස හැවිරිදි පිරිමි දරුවෙකු ඒවා අත්හදා බැලීම සඳහා සිය මවට පහර දී තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.

මෙම  දරුවා දැඩිලෙස ජංගම දුරකතනය භාවිතයට ඇබ්බැහි වී ඇති බවත්, ඔහු සවස 6 පමණ වෙද්දී ජංගම දුරතකනය රැගෙන කාමරයට වැදී පසුුදින පාන්දර 4 පමණ වනතෙක් එය භාවිතයෙහි යෙදෙන බවත් ඔහුගේ මව පවසා ඇත.

එම දරුවා නැරඹු වීඩියෝ දර්ශනයක තිබූ ආකාරයට මවට විශාල ප්‍රමාණයේ ගලකින් පහර දී ඇති බවත්, ඉන් ඇයගේ කකුලකට තුවාල සිදුවීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත් පොලිසිය පවසයි.