(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
උහන ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් මුහුණු පොත ඔස්සේ හිතවත් කරගත් නයිජීරියානු ජාතිකයකු විහාරස්ථානය වැඩි දියුණු කිරීමට රුපියල් ලක්ෂ ගණනක් පරිත්‍යාග කරන බව පවසා රුපියල්දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වංචා කිරීමට අනුබල දුන් බව කියන ලාංකිකයන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අවස්ථා 11කදී බැංකු පහකට මෙම මුදල් බැරකරගෙන වංචා කර ඇතැයි ද පොලිසිය පවසයි.
අදාල පරීත්‍යාගයේ මූලික කටයුතුවලට බව කියමින් මෙම මුදල් ලබාගෙන ඇත. කුලියාපිටිය කොට්ඨාස විශෙෂ විමර්ශන ඒකකය මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.