විස නැව ගෙන්වූ අයට වැඩ වරදියි


(සුජිත් හේවාජුලිගේ )

අන්තරායකර අපද්‍රව්‍ය රැගෙන පැමිණෙන නෞකාව  සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම ජාවාරමට සම්බන්ධ අයට එරෙහිව ගත හැකි සෑම නීතිමය  පියවරක්ම ගන්නා බවද ඔහු සඳහන් කළේය.

මෙම නැව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය වෙනම විමර්ශනයක් ආරම්භ කළේය.