විශාල ගුවන් නායකයක් කටුනායකට හදිසි ගොඩ බැස්සවීමක්


(ටී.කේ.ජී.කපිල)

ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා ගුවන් ගනිමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබැස්සවීමකට ලක් කළ  බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ලොව විශාලතම මගී ගුවන් යානාවක් වන ඒ.- 380 වර්ගයයේ මෙම ගුවන් යානය තුළ ගමන් ගත් ගුවන් මගියකු හදිසියේම අසනීප වූ නිසා , ඒ වනවිට ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ ගමන් ගනිමින් තිබූ මෙම ගුවන් යානය  කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එම ගුවන් යානයේ නියමුවා විසින් පියවර ගෙන තිබේ .

අනතුරුව එම ගුවන් මගියාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා රෝහල් ගත කිරීමට ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගත්තේය.