විශ්‍රාමිකයන් අග්‍රහාර රක්ෂණ ක්‍රමය


(යොහාන් භාසුර)

විශ්‍රාමිකයන් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක කරවීමේ වැඩසටහනට විශ්‍රාමිකයන්ගේ කැමැත්ත හෝ අකමැත්ත පළකිරීමට මාසයක කාලයක් ලබාදෙන ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පාළාත් පාලන ආමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහාතා උපදෙස් දී තිබේ.

2016 වසරේ ජනවාරි මස 1 වැනිදාට පෙර විශ්‍රාම ගන්නා ලද රජයේ නිලධාරීන්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක වීමට අවස්ථාව ලබාදෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා නිකුත් කළ චක්‍රලේඛණයේ පරිදි විශ්‍රාම වැටුපෙන් මාසික වාරිකයක් අයකරගැනීමට කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කිරීමට සති දෙකක කාලයක් ලබාදී තිබූ අතර එම චක්‍රලේඛණයට අනුව රුපියල් 600 ක සහ 400 ක වාරිකයක් ලබාගැනීමට කළ යෝජනාවට විශ්‍රාමික සංගම් විරෝධය ප්‍රකාශ කළේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි සහ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් යන මහත්වරුන්ගේ ද සහභාගිත්වයෙන් ඊයේ (8) පැවැති සාකච්ඡාවකදී සති දෙකක කාලය ප්‍රමාණවත් නොවන බවට තීරණය කර තිබේ.