
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ පුහුණුව සඳහා පැමිණි ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට නාමික ගාස්තුව ගෙවීමට වත් හැකියාවක් නොතිබූ බවත් එය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බවත් මධ්‍යම රජයේ ආරක්‍ෂක සහ සංචාරක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජේ භාත් මහතා ප්‍රකාශ කළේය.
මෙම වසරේ ගාස්තුව ලබන වසරේ මුදල් ඇතිවිට ගෙවීමට සකස් කර දෙන ලෙස ඉල්ලීමක් කළ බවද ඔහු පැවසුවේය.
ඉන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය කෙතරම් දරුණුදැයි පිළිබිඹු වන බව ඔහු පෙන්වා දුන්නේය.
ගාන්ධිනගර්හි පැවති ආරක්ෂක ප්‍රදර්ශනයකදී අජේ භාත් මහතා මෙසේ අදහස් දැක්වීය.
ශ්‍රී ලංකා රජයේ වැරදි හේතුවෙන් මෙවැනි ආර්ථික අර්බුදයක් ශ්‍රී ලංකාවේ ඇති වූ බව ඔහු පැවසුවේය.
ආර්ථික අර්බුදය හේතුවෙන් අනෙක් රටවලින් ආධාර ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවට සිදු වූ බව අජේ භාත් මහතා ප්‍රකාශ කළේය.

