විපක්ෂය කමිටුවලට තවමත් නම් එවලා නැහැ


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු කමිටු පත් කරන්නේ නැතැයි චෝදනා කරන විපක්ෂය එම කමිටු පත් කිරීමට  නාමයෝජනා තවමත්  ඒවා නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

එය විහිළුවක් බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ කියැවීමේ විවාදයේදීය.