විනිසුරු විශ්‍රාම වයස දිගු කරන්න සාකච්ඡා කළේ නෑ


(අංජුල මහික වීරරත්න)

විනිසුරුවරුන් විශ්‍රාම යන කාලසීමාව දීර්ඝ කිරීම ගැන සාකච්ඡාවක් ආණ්ඩුවේ සිදුවී නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

විවිධ වෘත්තික කණ්ඩායම්  විශ්‍රාම යන වයස ඉහළ දැමීම සඳහා වන යෝජනා ඇවිත් තියෙන බව කී අමාත්‍යවරයා  ඊට හේතු කිහිපයක් බලපා තියෙන බව සඳහන් කළේය.

"කොවිඩ් සමයේදී වෘත්තිකයින් රැසක් රට හැර ගියා. එමෙන්ම  අත්දැකීම් ආදී කරුණු මත රාජ්‍ය සේවයේ තව කාලයක් කටයුතු කිරීමෙි  හැකියාවක් තිබෙනවාද කියා වෘත්තිකයින්ගේ පැත්තෙන් යෝජනා ඇවිත් තිබෙනවා. මීට කලින්  විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු සහ දන්ත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 60-63 දක්වා දීර්ඝ කළා. තවත් වෘත්තිකයින්ගේ ඉල්ලීම් තිබෙනවා. නමුත්  විනිසුරුවරුන් සම්බන්ධයෙන් එහෙම තීරණයක් ගෙන නෑ " යනුවෙන් ද අමාත්‍යවරයා කීය.