(නිමල් ජයරත්න)
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වැඳ පුදා ගැනීමට සහ දැකබලා ගැනීමට පැමිණි එංගලන්ත ජාතිකයන් පිරිසකට ආරණ්‍ය සේනාසනයේ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් සහ දායකයන් කිහිපදෙනකු ආගන්තුක සත්කාර වශයෙන් ඔවුනට දේශීය දහවල් ආහාර වේලක් ලබාදීමට කටයුතු කළහ.
ශ්‍රී ලංකාවේ දින 11 කට ආසන්න කාලයක් සංචාරය කරමින් මඩකලපුව, පාසිකුඩා, දළදා මාලිගාව, ත්‍රිකුණාමලය උණුදිය උල්පත් ඇතුළු සුවිශේෂි ස්ථාන දැකබලා ගනිමින් මෙලෙස ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය දැක බලාගැනීමට පැමිණ ඇත්තේ, එංගලන්තයේ සිටය.
හැඳි, ගෑරැප්පු, භාවිතයෙන් ආහාර ගන්නා ඔවුන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සඟරුවන සහ දායක කාරකාදීන් ලබාදුන් දේශීය ආහාරයන් අතින්ම අනුභව කිරීම විශේෂත්වයකි.