විදෙස්ගත ශ්‍රමිකයන්ගේ තොරතුරු සොයයි


 විදේශ රැකියා සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම  සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහය පතයි.
  
 කටාර් හි ගෘහ සේවය සඳහා  2016 වසරේදී පිටත්ව ගිය  පොලොන්නරුව,කුමුදුපුර  අංක 15 දරණ නිවසේ පදිංචිව සිටි ඩබ්ලිව් ජී සන්ධ්‍යා කුමාරි මහත්මිය පිළිබඳව මේ වනතුරු කිසිදු තොරතුරක් දැනගැනීමට ලැබී  නොමැති බව කාර්යාංශය පවසයි.
 
එමෙන්ම  2011 වසරේදී ජෝර්දාන් බලා  බලා පිටත්ව ගිය වනාලුවාව ,පැලැන, අංක 02/19 ඒ නිවසේ පදිංචි  කිරිබත්ගොඩ ලාලානි මහත්මිය පිළිබඳවද   මේ වන තුරු කිසිදු තොරතුරක් ලැබී නැතැයි කාර්යාංශය ස ඳහන් කරයි.
 
මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112-864136 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස  කාර්යාංශය ඉල්ලා සිටි.

(36698)