විදෙස් ඇමති දින 46කදී රාජ්‍ය තාන්ත්‍රිකයන් 50ක් හමු වෙලා


(අංජුල මහික වීරරත්න)

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ කටයුතු අමාත්‍ය ධූරයේ වැඩ බාර ගත් දා සිට අද දක්වා ගත වූ දින 46 තුළ විදේශ රාජ්‍ය නායකයන්, අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ජාත්‍යන්තර හා කලාපීය සංවිධාන නිලධාරීන් 50කට අධික ප්‍රමාණයක් මුණ ගැසී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාවේ විදේශ අමත්‍යවරයා සහ ඇමරිකාව, චීනය, බ්‍රිතාන්‍යය, රුසියාව, ජපානය, සෞදි අරාබිය,ජර්මනිය, ප්‍රංශය, කැනඩාව, දකුණු අප්‍රිකාව ඇතුළු රාජ්‍යයන්හි තානාපතිවරු, විශේෂ රාජ්‍ය තාන්ත්‍රිකයන් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු සංවිධානවල නියෝජිත කණ්ඩායම් ද විදේශ අමාත්‍යවරයා මුණ ගැසුනේය.