(නිමල කොඩිතුවක්කු)
මෙවර අයවැය මගින් ගුරු හා විදුහල්පති සේවාවල පවතින ගැටලු විසඳීමට රජය කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ කරමින් ලබන 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ලංකාදිපයට පැවැසීය.
ගුරු හා විදුහල්පති සේවාවන්ට රාජ්‍ය සේවය තුළ පවතින බරපතල වැටුප් විෂමතාව විසදීම, අහිමිකළ මාස 30 ක හිග වැටුප හා අහිමිකළ විශ‍්‍රාම වැටුප නැවත ලබාදීමත්, අධ්‍යාපනයට දල දේශීය නශ්පාදිතයෙන් 6% වෙන්කිරීමත්, ඇතුළු ගැටළු සම්බන්ධව රජය කිසිදු අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
එමෙන්ම 2016.01.01 දින සිට රාජ්‍ය සේවයේ පත්වීම් ලබන්නන්ට අහිමිකළ විශ‍්‍රාම වැටුප මෙවර ද ලබාදීමට කටයුතු කර නොමැති බවත් මේ මගින් රාජ්‍ය සේවකයාගේ විශ‍්‍රාම දිවිය සම්පුර්ණයෙන් අනාරක්‍ෂිත කර සමස්ථ රාජ්‍ය සේවය ගුණාත්මකව පිරිහිමට ඉඩහැර ඇති බවද ජයසිංහ මහතා පැවැසීය.
මෙවර අයවැය මගින් ප‍්‍රමාද වී හෝ මෙම ගැටළු විසඳීම සඳහා ප‍්‍රතිපාදන වෙන් කිරීමට වහා පියවර ගන්නා ලෙස බලකර සිටින බවද මහින්ද ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

