(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමේදී විදුහල්පතිවරුන් නිකුත් කරන විභාග ප්‍රතිඵල ලේඛණ ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් යැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
විශ්ව විද්‍යාලවල පාඨමාලා සඳහා අයදුම් කිරීමේදී අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍යපෙළ විභාගයන්හි විදුහල්පතිවරුන්ගේ අත්සනින් නිකුත් කරනු ලබන ප්‍රතිඵල ලේඛණ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.