විදුලිසැර වැදී අයෙක් මරුට


(අනීෂා මානගේ)

වලස්මුල්ල මොදරවාන ප්‍රදේශයේදී ජල මෝටරයක් සවි කිරීමට යාමෙන් පුද්ගලයකුට විදුලිසැර වැදී අද(17) ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලස්මුල්ල මොදරවාන ප්‍රදේශයේ පදිංචිව සිටි ලොකුගමගේ දිනෙත් ප්‍රියංකර(32) නම් අයකු බවද පොලිසිය කියයි.

මියගිය පුද්ගලයාගේ සිරුර තංගල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇත.