විදුලිය පෞද්ගලීකරණය නොකළ යුතුයි


(යොහාන් භාසුර)

විදුලි බලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යැයි කියැවෙන සංකල්ප පත්‍රිකාවක් මේ දිනවල සමාජ අවකාශයේ ඇති බවත් එය අනාගත විදුලිබල පනත යැයි හදුන්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (3) පැවසීය.  

විදුලිබල උත්පාදනය සඳහා අලුත් බලපත්‍ර දීමට යෝජනා කරන මෙය ආණ්ඩුව ඉදිරිපත් කරන  පනත ද කිවයුතු බවත් ඒ සමඟම ආණ්ඩුව සතු ලක්ෂපාන  සහ කෙහෙල්ගමුව ඔය සහ මස්කෙළිය යටතේ ඇති සියලු බලාගාරත්, මහවැලි ගඟ යටතේ ඇති බලාගාර තවත් කොටසක් ලෙසත් පෞද්ගලීකරණ කරන බවත් ඒ මහතා කීය.

සමනලවැව, උමාඔය, කුකුලේ ගඟ වැනි අනෙකුත් බලාගාර තවත් කොටසක්  ලෙස යෝජනා කර ඒවා පෞද්ගලිකරණය කරන්නේ ද යන්න රජය හෙළිකළ යුතු බව කී මහාචාර්යවරයා මෙම බලාගාරවලට ජලය නිකුත් කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජල ප්‍රවාහයන්ගෙන්  රටේ කෘෂිකාර්මික අවශ්‍යතාව  සඳහා ජලය ලබා ගැනීම ගැනීම අර්බූදයකට යා හැකි බව ද සඳහන් කළේය.

මෙම පනතින් විදුලිබල සම්ප්‍රේෂණ පද්ධතිය පෞද්ගලික අංශයට ලබාදීම ඉඩක් මේ තුළ තිබීම නිසා එය නොකළ යුත්තක් බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කොළඹදී අද (3) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.