විදුලිය අද කපන්නේ මෙහෙමයි


(යොහාන් භාසුර)

නොහොච්චෝලේ ‘ලක්විජය’ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර තුන අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ විදුලි ප්‍රමාණය ආවරණය කිරීම සඳහා  පැය එකහමාර බැගින් අද (11) දිනයේ විදුලි සැපයුම අත්හිටුවන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

එම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10.00 අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ සමස්ත රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව ද විමලරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව ආර්,එස්,ටී සහ ඩබ්ලිව් යන කාණ්ඩවලට පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා ද, ඒ,බී,සී,ඩී,පී සහ කිව් යන කාණ්ඩවලට පස්වරු 5.00 සසිට රාත්‍රී 7.00 දක්වා ද, ඊ,එෆ්,ජී,එච්,යූ සහ වී යන කාණ්ඩවලට පස්වරු 6.30 සිට රාත්‍රී 8.30 දක්වා ද, අයි,ජේ,කේ සහ එල් යන කාණ්ඩවලට පස්වරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා ද, විදුලිය විසන්ධි කරන බව ඒ මහතා පැවසීය.

කිසියම් කාණ්ඩයක් යටතේ ඇති විදුලි ඉල්ලුම කළමනාකරණය, නියමිත වේලාවේ පවතින විදුලි ඉල්ලුම සහ ජනන ධාරිතාව අනුව ධාරිතාව වෙනස්වීමට ඉඩ ඇති බවත් ඉහත දක්වා ඇති පරිදි විදුලි සැපයුම විසන්ධි කරන වේලාව සහ යථාතත්වයට පත්වන වේලාව නියමිත වේලාවේ සිට මිනිත්තු 30 ක් ඇතුළත වෙනස් වීමට ඉඩඇති බව ද ධම්මික විමලරත්න මහතා වැඩි දුරටත් පවසයි.