විදුලිපංකාවෙන් ආ මාරයා සිසුවා බිලි ගනී


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ලෝක ළමා දිනයට සමගාමීව පුස්සැල්ලාවේ පාසලක පැවති උත්සවය වෙනුවෙන් පන්ති කාමරේ පැවති සාදයේදී ඩෙස් එකක් උඩ නැග සිසුන් දෙතුන් දෙනකු සමඟ නටමින් සින්දු කියමින් සිටි එක් සිසුවකු ගේ හිස සිවිලිමේ සවිකර ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකාවේ වැදීමෙන් බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පුපුරැස්ස ඩෙල්ටා දකුණු කොටසේ පදිංචි ව සිටි රාජරත්නම් සදූෂන් දහවෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.

ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් මෙම පාසලේ පාසැලේ ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රධාන උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව මෙම සිසුවා ඇතුළු සිසුන්ඔවුන් ඉගෙනුම ලබන දහවෙනි වසරේ පන්ති කාමරයට පැමිණ ඇතැයි පොලිසිය කියයි.

පන්ති කාමරයට පැමිණි සිසුන් නටමින් ගී ගායනා කරන අතර අතරවාරයේ මෙම සිසුවා ඇතුළු තවත් සිසුන් දෙතුන් දෙනෙකු ටෙස්ට් එකක් උඩ නැග සින්දු කියමින් නටමින් සිටියදී සිවිලිමේ සවිකර තිබූ සවි කර තිබූ විදුලි  පංකාවේ හිස වැදී බරපතල තුවාල ලබා ඇතැයි ද පුස්සැල්ලාව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.