විදුලි සැර වැඳී දැව සංස්ථා නිලධාරියෙක් මරුට


(සමන් පාලිත නානායක්කාර )

දැව කොටන් පටවන අතර තුර අද (22 ) අධි බලැති විදුලි රැහැනක පැටලී විදුලි සැර වැඳීමෙන් දැව සංස්ථා නිලධාරියකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ප්‍රදීපාගාර මාවත දෙවුන්දර පදිංචි එච්. එම්. ඒ. කුමාර නමැති 42 හැවිරිදි බණ්ඩාරවෙල දැව සංස්ථාවේ පරීක්ෂක නිලධාරියෙකි.

ලොරියකට දැව කොටන් පටවන අතරතුර ඊට ඉහළින් තිබූ අධිබලැති විදුලි රැහැනක දැව කොටන් පටවන රථයේ ආධාරකය ගැටී ඇති අතර රථයට ස්පර්ශ වී සිටි නිලධාරියාට එක්වරම විදුලි සැර වැදී ඇතැයි පොලිසිය කියයි. 

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර හල්දුම්මුල්ල දිසා රෝහලේ මේ වන විට තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.