විදුලි බිලෙන් බිල්ලක්


 (එම්.සුසිල් පියන්ත)

 කරන්දෙණිය අමරකීර්තිගම පදේශයේ පදිංචි පුද්ගයකුගේ නිවසේ  විදුලිය විසන්ධි කර ගිය පසු ඔහුගේ  සිරුර නිවස තුළ එල්ලෙමින් තිබියදී සොයා ගැණුනු බව කරන්දෙණිය පොලීසිය කියයි.

මෙසේ සොයා ගනු ලැබූවේ කරන්දෙණිය අමරකීර්තිගම පදිංචි දියණියන් තිදෙනෙකුගේ පියෙකුවූ තිස්නව හැවිරිදි පත්තිනියා හකුරු සුගත් කුමාර නමැත්තාගේ බවද පොලීසිය කියයි.

මේ පුද්ගලයා සිය නිවසේ විදුලිය විසන්ධි කිරීම නිසා ඇතිවූ සිත් තැවුලට දිවි තොරකර ගත්තේද යනන පිළිබද සැකයක් පවතින බව පොලීසිය පවයි.

විදුලි බලධාරින් විදුලිය විසන්ධි කිරීමට පැමිණ සිටියදී නිවසේ සිට ඇත්තේ මිය ගිය පුද්ගලයා පමණක් බවත් විදුලිය විසන්ධි කිරීමෙන් පසු ඔහු සිය භාර්යාවට කතාකොට නිවසේ විදුලිය විසන්ධි කර ගිය බව පවසා ඇති බවත් ඒ සමගම භාර්යාව නිවසට පැමිණ බැලූ පසු ඔහුගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබූ බවද පොලීසිය කියයි.

මිය ගිය පුද්ගලයාට ගෙවීමට තිබී ඇත්තේ රුපියල් දහතුන් දහසකට ආසන්න මුදලක් බවත් පොලීසිය කියයි.

ප්‍රදේශවාසීන් එකතුවී මේ හිග විදුලි බිල   ගෙවා යළි එම නිවසට විදුලිය ලබාදීමට පියවර ගෙන තිබිණ.