(අංජුල මහික වීරරත්න සමඟ සුජිත් හේවාජුලිගේ)
රට පුරා විදුලි පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා මේ වසරේ දී විදුලි සම්ප්‍රේෂණ මාර්ග පද්ධතිය ශක්තිමත් කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී අද (3) පැවසීය.
වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 9.30ට රැස්විය.
කථානායකවරයාගේ නිවේදන, වාර්තා ඉදිරිපත් කිරීම සහ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටයෙන් අනතුරුව 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය ඇරඹිණි.