
(යොහාන් භාසුර)
හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයකට ඇතුළු තනතුරු හතරකට පත්කළ බව එම පක්‍ෂය අද (12) පැවසීය.
විජයදාස රාජපක්ෂ මහතා එම තනතුරට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මහරගම ආසන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් නායක සහ එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික තනතුරුවලට ද පත්කළ බව ද එම පක්‍ෂය කීය.
විජයදාස රාජපක්ෂ වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතයක් පක්‍ෂය සමග එකතු වීම ශක්තියක් බවත් පක්ෂයක් ලෙස දීර්ඝ ලෙස සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
බෞද්ධ ආගම සමඟ සමීපව කටයුතු කරන විජේදාස රාජපක්ෂ මහතා ඉදිරි දේශපාලන ගමනක් ඇති ජනාධිපති නීතිඥවරයකු බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

