වැස්සෙන් උ‘මැද කුඹුරු අක්කර 15,500 ක් විනාශයි


 

 

(දයාරත්න ඇඹෝගම)

අධික වැස්සෙන් උතුරු මැද පළාතේ මෙවර මහ කන්නයේ වගාකළ කුඹුරු අක්කර  15,500 ක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා පවසයි.

එසේම අක්කර 8,750 ක පමණ භුමි භාගයක වගා කොට තිබු බඩඉරිගු වගාව විනාශයට පත්ව ඇති බවත් ඒ මහතා පැවසිය.

වගා කොට තිබු එළවළු අක්කර 1,375 ක ප්‍රමාණයකටද අර්ථ හානි සිදුව තිබේ.

අධික වරැෂාවත් ගංවතුරට යටවිමත් හේතුවෙන් ඵලදාව නෙලීමට ආසන්නව තිබු මිරිස් වගාවට පනු රෝග හා දිලීර රෝග වැලදිමේ හේතුවෙන් මිරිස් වගාවද හානියට පත්ව ඇති බවට ගොවියෝ මැසිවිලි නගති.