(මහේෂ් කිර්තිරත්න)
දිවයිනට බලපෑ අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන 864ක් ආපදාවට ලක්ව ඇති බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.
දැනට වාර්තා වී තොරතුරු අනුව බෞද්ධාගමික සිද්ධස්ථාන 434ක්, හින්දු ආගමික සිද්ධස්ථාන 185ක්, මුස්ලිම් ආගමික සිද්ධස්ථාන 157ක් හා ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථාන 88ක් ආපදාවට ලක්ව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පුජ්‍ය මුගුණුවෙල අනුරුද්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතලේ දී පැවැති ආපදාවට ලක්වු දිස්ත්‍රික්කවල ශාසනාරක්ෂක මණ්ඩලවල ලේඛකාධිකාරි හිමිවරුන්ගේ සාකච්ඡාවට සහභාී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.
ආපදාවට ලක්වු ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැගීම වෙනුවෙන් “ආගමික සිද්ධස්ථාන ආපදා සහන අරමුදල” නමින් අරමුදලක් පිහිට වු බවත් එම අරමුදල වෙනුවෙන් මේ වන විට ආධාර ලැබෙමින් පවතින බවත් සදහන් කළේය.
දැනට සේවයේ යෙදි සිටින තාක්ෂණ නිලධාරින් කාර්ය බහුල බැවින් ආගමික සිද්ධස්ථාන යළි පිළිසකර කිරීම සදහා කඩිනමින් ඇස්තමේන්තු ලබාගැනීමට විශ්‍රාම ගොස් සිටින තාක්ෂණ නිලධාරින්ගේ සේවය ලබා ගැනීමට කටයුතු කරන බවත් ගමගෙදර මහතා පැවැසීය.

