වැස්ස තවත් වැඩි වේ


 

අන්තර නිවර්තන අභිසාරි කලාපය (උතුරු අර්ධගොල්යේ සහ දකුණු අර්ධගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරි වන කපාලය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින නිසා දැනට පවතින වැසි තත්ත්වය වැඩිවීමක් බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

ඌව සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර,දකුණ සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරලබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකියි. 

ගිගුරුම් සහිත වැසි සමග තරමක තද සුළං ද ඇති විය හැකියි.