වැවේ අයිතිය ඉල්ලා ගොවියෝ ප්‍රා.ලේ කාර්යාලයට එති


(ජේ.ඒ.පී කුමාර සහ දයාරත්න ඇඹෝගම)

නොච්චියාගම කටුපත්වැව ගම්මානයේ වැව වනජීවීයෙන් තහනම් කිරීමට විරෝධය දක්වමින් ගම්වාසීහු පිරිසක් පැවැත් වූ විරෝධතාව අසලට ආ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය සේන නානායක්කාර මහතා කඩිනමින් විසැඳුමක් ලබා දෙන බව පැවැසීමත් සමග විරොධතා කරුවෝ විසිර ගියහ.

වැවට ගොස් දිය නෑමට,මල්කැඩීමට, ධිවර කටයුතු සදහාත් වනජීවි දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා නොදෙන බව විරෝධතා කරුවෝ පැවැසූහ.

නොචියාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වන අවස්ථාවේදී ඔවුහු මෙලෙස නිහඬ විරෝධතාවයක නිරත වූ‍ෙ

තම පාරම්පරික උරුමයක් වන මෙම වැවට ඇතුල්වීමට අවසර ලබා ලෙස  ඔවුහු ඉල්ලා සිටියහ.

මෙම විරෝධතාවය දැක්වූ ජනතාවගෙන් කිහිප දෙනෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කැඳවාගත් ප්‍රාදේශීය ලේකම් මංජරි ශ්‍රී චන්ද්‍රදාස මහත්මිය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය සේන නානායක්කාර මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ජාවක නිරත වුහ.

එම සාකච්ඡාවේදී ජනතාවට වැවත් සමග බැඳුණ කාර්යයන් සුපුරුදු පරිදි කරගෙන යාමට අවසර ලබාදිමටත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විධිමත් විසඳුමක් ලබා ගැනීමටත් තීරණය කෙරිණි.

අනතුරුව මාර්ගයේ විරෝධතාව දක්වමින් සිටි ගම්වාසින් පිරිසට මේ බව දැනුම් දිමෙන් අනතුරුව උද්ඝෝෂණය සාමකාමීව නිමාවට පත් විය.