වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැරසේ


(වසන්ත චන්ද්‍රපාල)

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.

ඒ අනුව දැනට වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව නිළධාරින් එම ස්ථානයට පැමිණ වැව මතුපිට පාවෙමින් පවතින තෙල් ඉවත් කිරිම ආරම්භ කළේය.