(සමන් පාලිත නානයක්කාර )
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර හල්දුම්මුල්ල මරන්ගහවෙල සිරිමල්වත්ත සහ බත්ගොඩ ගම්මාන වලට පැමිණි නාවික හමුදා සෙබළුන් හා ඔහුගේ පවුලේ සාමාජිකයින් සමඟ එකොළොස් දෙනකු අද( 24) සිට ස්වයං නිරෝධායනය ට ලක් කළ බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් ඒ මහතා පැවසීය .
එම නාවික හමුදා නිලධාරීහු පී .සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව ද හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මීට අමතරව මෙම නාවික හමුදා සෙබළුන් දෙදෙනා නිවාඩුව පැමිණි දින සිට ආ ගිය වෙළෙඳසැල් හා ඇසුරු කළ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඇති බැවින් ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද හල්දුම්මුල්ල පොලීසිය කියයි.

