වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ වැටලීමකින් දුරකථන-සිම්පත් හමුවෙයි


(ජයන්ත සමරකෝන්)

 

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිදුකළ වැටලීමක දී එහි ඉසෙඩ් අංශයේ සඟවා තිබී ජංගම දුරකථන පහක්, බැටරි 12 ක්, සිම්පත් 5 ක් බන්ධනාගාර බුද්ධි අංශ කාන්තා නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (13) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම අංශයේ මත්කුඩු සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙම හදිසි වැටලීම කර ඇතැයි ද බුද්ධි අංශ නිලධාරීනියක පැවසුවාය.