
( වසන්ත චන්ද්රපාල)
අම්පාර පොතුවිල් හුලංනුගේ ප්රදේශයේදි ලාහුගල වන සංරක්ෂණ කාර්යාලයට අනුයක්ත කෝමාරි බිට්ටු වන කාර්යාලයේ සේවය කරන බිට්ටු වන නිළධාරියකු රුපියල් 30000 ක අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේ දි අල්ලස් හා දුෂණ විමර්ශණ නිළධාරින් විසින් ඔහු අත් අඩංගුවට ගෙන ඇත.
අනවසරයෙන් වගා කළ බිම්කඩක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් රුපියල් 30,000ක් සහ මත්පැන් බෝතලයක් ඉල්ලා ලබාගත් බව කියන අවස්ථාටෙව්දි මෙම අත් අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
හුලංනුගේ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු අතර ඒ අනුව අල්ලස් කොමිසමේ නිළධාරින් විසින් මෙම වැටලිම සිදුකර තිබේ.
පැමිණිලිකරු වගා කටයුතු සිදු කරනු ලබන ඔහුගේ සහ බිරිඳගේ නමට වෙන් වෙන් වශයෙන් ඇති අක්කර 04ක ඉඩමෙන් නෙළුම් වැවයාය නම් රක්ෂිතයට වෙන් කර ඇති කොටසේ වගා කටයුතු සිදු කිරීමේ වරද සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීම සඳහා සැකකරු මෙම අල්ලස ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම නිළධාරින් සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd