ජර්මන් චාන්සලර් වන ෆ්‍රෙඩ්රික් මර්ස් දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටී. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයෙන් ජර්මන් චාන්සලර්වරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ෆ්‍රෙඩ්රික් මර්ස් ඊයේ (12) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමගින් අග්‍රාාමත්‍යයරයාගේ උපන් බිම වන ගුජරාට ප්‍රාන්තයේ අහමදාබාද් නුවර බලා ගියේය.

මෙම සංචාරයේ දී ජර්මානු චාන්සලර් සහ අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණු 2026 වසරේ සරුංගල් සැණකෙළියට ද එක් විය. සරුංගල් සැණකෙළිය පැවැත්වූයේ අහමදාබාද් නුවර රිවර්ෆ්‍රොන්ට් උද්‍යානයේදීය.

ඊට අමතරව, ජර්මන් චාන්සලර්වරයා සබර්මතී - මහත්මා ගාන්ධි ආශ්‍රමය ද දැකබලා ගැනීමට ද එක් විය.

වෙළෙඳාම, තාක්ෂණයන් සහ ආරක්ෂක කටයුතු ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන්, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි නායකයන් දෙදෙනාගේ අවධානය යොමු වී තිබුණි. චාන්සලර්වරයාගේ සංචාරය හේතුවෙන් අහමදාබාද් නුවර ආරක්ෂාව තර කර තිබෙන අයුරු දකින්න ලැබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.