(යොහාන් භාසුර)
වැල්ලවත්ත මුහුදු වෙරළට සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යංශය පරීක්‍ෂණ පවත්වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මුහුණු ආවරණ සහ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව මාර්ගෝපදේශණ ලබාදී තිබුණ ද ඇතැම් පුද්ගලයින් ඒවා නොසළකා කටයුතු කිරීම නිසා සෞඛ්‍ය හා පාරිසරික වශයෙන් විශාල බලපෑමක් එල්ල වී ඇති බව කී අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැල්ලවත්ත මුහුදු වෙරළ මෙන්ම ඒ අවට සාගරය අපවිද්‍ර්‍ය වන අයුරින් කිසියම් අයෙක්, පිරිසක් හෝ ආයතනයක් සායනික අපද්‍රව්‍ය වැල්ලවත්ත වෙරළ තීරයට මුදා හැර තිබෙන බවත් කීය.
මෙම සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව නීතිමය පියවර ගැනීම හා ඒවා ඉවත් කර පිරිසිදු කිරීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ පරිසර අමාත්‍යංශය කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

