බී. ජානක
වැල්ලවත්ත මුහුදු වෙරළට සායනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබු බව වෙරළට පැමිණි ජනතාව පවසති.
මෙම සායනික අපද්‍රව්‍ය වෙරළේ තැනින් තැන මෙන්ම මුහුදේ පාවෙමින් ද තිබු බව ජනතාව පවසති.
සායනික අපද්‍රව්‍ය අතර එන්නත් කිරීමට භාවිතා කරන ලද කටුව සහිත සිලින්ජර, වීදුරු කුප්පි සහ මූඩි, මුඛ ආවරන,ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් බට කැබලි ආදිය තිබූ බවත් මෙම අපද්‍රව්‍ය හේතුවෙන් රළ පෑගීමට පැමිණි ජනතාව මහත් අසීරුතාවයට පත් වූ බවට ජනතාව මැසිවිලි නගති.