(තිලකරත්න දිසානායක.)
යක්කල, වැරැල්ලවත්තේ ඉදිකළ ඇදන් 2,500 ක් යෙදිය හැකි කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම අද (7) සවස සිදු කෙරිණි.
මේ සදහා බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් මිලියන 100 ක මුදලක් වැයකෙරෙන අතර මෙහි පළමු අදියර සදහා රුපියල් මිලියන 25 ක මුදලක් වැය කරමින් නාවික හමුදාව සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීම් සිදු කොට ඇත.
පළමු අදියර කාන්තා කොවිඩ් ආසාදිතයින් 750 දෙනෙකු සදහා ප්‍රතිකාර ලබා දීම පිනිස සකස් කොට ඇති අතර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කටයුතු සිදු කෙරේ.
මෙහිදී අමාත්‍යවරිය මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කර සිටියේ කොවිඩ් ආසාදිතයින් ලෙසට හදුනාගැනෙන රෝගීන් අතුරින් සියයට විස්සක පමණ පිරිසකට ප්‍රතිකාර ලබාදීම සිදු කළ යුතු නමුත් ආසාදිතයින් ලෙස හදුනා ගැනෙන සියලුම දෙනාට තවදුරටත් ප්‍රතිකාර ලබාදීම පිනිස මෙවන් මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන බවය.
මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා , ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන , පුරපති එරංග සේනානායක , ගම්පහ දිසාපති සුනිල් ජයලත් , පළාත් ලේකම් ජයන්ති විජේතුංග, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ශිරෝමන්, ගම්පහ ප්‍රාදේශීය සුරංගා ගුණතිලක, බටහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.