වැද්දාට බනිමින් සිටියා නම් වටුවන් තාම දැලේ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වටු වැද්දාගේ දැලෙන් වටු කුරුල්ලන් ගැලවුණේ හැම දෙනාම එකට එක්වී දැල ඔසවාගෙන පියෑඹූ නිසා යැයිද  වැද්දාට බැන බැන හිටියා නම් මුළු වටු රැලම වැද්දාගේ දැලට හසුවන්නේ යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22)පැවසීය.

ශ්‍රී ලංකාව පැටලී සිටින  ආර්ථික අර්බුද දැලෙන් මිදෙන්නට නම් සියලු දෙනා එක්වී අභියෝගය ජය ගත යුතු බව කී අග්‍රාමාත්‍යවරයා  අරගල කළ යුත්තේ රට නැංවීම වෙනුවෙන් මිස රට විනාශ කිරීම වෙනුවෙන් නොවන බවද පැවසීය.

ආණ්ඩුවේ ඉදිරි මාර්ග සිතියම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.