වැඩිහිටි නිවාස 320ක්ම යන්නේ හොර පාරේ


(සුජිත් හේවාජුලිගේ)

වැඩිහිටි නිවාස 456න්  වැඩිහිටි ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත්තේ   136ක් පමණක්  බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

වැඩිහිටි නිවාස ලියාපදිංචි කළ යුතු බවට ගැසට් නිවේදනය නිකුත් කර වසර දොළහකට වැඩි කාලයක් ගතවී ඇතැයිද  එම වාර්තාවේ දැක්වේ.

වැඩිහිටි තැනැත්තන් පස්දෙනකුට වැඩිය සිටී නම් එම වැඩිහිටි නිවාස ලියාපදිංචි කළ යුතුවේ.