වැඩි මිලට බියර් විකිණූ තරුණයා මාට්ටු


(අජිත්ලාල් ශාන්තඋදය සහ  ජයන්ත නානායක්කාර)

නිරෝධායන ඇඳිරි නීතියට මුවා වී අවසරයකින් තොරව බියර් වැඩි බිලට විකුණු තරුණයෙක් බියර් ටින් 315ක් සමග ඇඹිලිපිටිය පොලීසිය විසින් ඇඹිලිපිටිය යෝධගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

බියර් ටින් එකක් රුපියල් 50කට අලෙවි කළ බව පොලීසිය විසින් අනාවරණය කරගනු ලැබීය. සැකකරු සහ බියර් ටින් තොගය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.