වැඩි කළ විශ්‍රාම වැටුප ඉල්ලා රාජ්‍ය සේවකයෝ වීදි බසිති


(මොහොමඩ් ආසික්)
 
විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට 2020 ජනවාරි මාසයේ සිට නියමිත වැටුප් වැඩිකිරීම අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ විශ්‍රාමික රාජ්‍ය සේවකයෝ පිරිසක් අද(19) මහනගර සභාවට ආසන්න ප්‍රදේශයේදී උද්ඝෝෂණක නිරතවූහ.

රාජ්‍ය සහ මධ්‍යම පළාත් රාජ්‍ය සේවක විශ්‍රාමිකයන්ගේ සංසදය(2016-2019) මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

ලක්ෂ 14 ක් පමණ වන විශ්‍රාමිකයින්ගෙන් මෙලෙස වැඩි වූ වැටුප් අහිමිව  ඇත්තේ 2016 සිට 2019 දක්වා විශාම ගිය පිරිසකට පමණක් බවද ඔවුහු ප්‍රකාශ කළහ.

එම නිසා මෙලෙස අත් හිටවා ඇති විශ්‍රාම වැටුප, මාර්තු මාසයේ විශ්‍රාම වැටුපත් සමඟ  හිඟ මුදලද සමඟ ලබා දෙන ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලීමක් කරති.