වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූර කාලය දිගු කරයි


(අංජුල මහික වීරරත්න)

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ අදාල දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) සිදු විය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියේය.