වැඩකට නැති කතා 119ට එපා


(ඉන්දිකා රාමනායක)

119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත පුද්ගලික කාරණ සම්බන්ධයෙන් ඇමතුම් ලබා දීමෙන් වලකින ලෙසට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

හදිසි ඇමතුම් අංශය වෙත ලබාදෙන ඇමැතුම් වලින් සියයට 93 ක් හදිසි අවශ්‍යතාවන් නොවන ඇමැතුම් බවත් එම නිසා හදිසි අවශ්‍යතා සදහා එය භාවිතා කරන්නනට එම අවස්ථාව අහිමි වන බවද හෙතෙම කීය.

හදිසි නොවන කාර්ණා සදහා 119 භාවිතා කිරීම හේතුවෙන් හදිසි අවශ්‍යතා සදහා දිනකට 8000 පමණ පිරිසකට හදිසි ඇමතුම් අංශය සම්බන්ධකර ගැනීමට නොහැකි වී ඇති බවද හෙතෙම කීය.

හදිසි අනතුරක්, අපදාවක් හා අපරාධයක් වැනි කාර්ණා සම්බන්ධයෙන් පමණක් 119 අමතන ලෙසත් , ඉඩම් , දේපළ, චෙක්පත්, වැනි විවිධ පුද්ගලික කාර්ණා සම්බන්ධයෙන් ඇමැතුම්  නොදෙන ලෙසත් ඉල්ලයි

2004 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ 119 වෙත ඇමැතුම් ලක්ෂ 12 ට අධික ප‍්‍රමාණයක් ලැබී ඇති බවත්, දිනකට ඇමැතුම් 3000 ට අධික ප‍්‍රමාණයක් ලැබෙන බවද හෙතෙම කියා සිටියේය.