වැටුප් වර්ධක ඉල්ලා වරාය සේවකයෝ විරෝධතාවයක


 

(නිමල කොඩිතුවක්කු)


වැටුප් වර්ධක ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වරාය නගරයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සේවකයෝ පිරිසක් අද (12) විරෝධතාවයක නිරතවුහ.

වරාය ඉදිකිරීම් නගරයේ ප්‍රධාන ගේට්ටුව වසා තැබීමෙන් සේවක අවශ්‍යතාවයන් සඳහා පිටතට යාමට නොහැකිවීම, කොරෝනා වසංගතයේ හේතුවෙන් නිවසේ සිටින සේවකයන් සේවයට බඳවා ගැනීමට හෝ නීත්‍යානුකූලව ඉවත් කිරීම, සේවකයන්ට අර්ධ වැටුපක් හෝ නොදී රුපියල් 5000ක දීමනාවක් පමණක් ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය ආරම්භ කළ බව එහි සම්බන්ධීකාරක ඩබ්ලිව්. එම්. එන්. මධුරංග මහතා ලංකාදීපයට පැවසීය.


විරෝධතාවය වරාය ඉදිකිරීම් නගරයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට දී අද  උදෑසන ආරම්භ වූ අතර පසුව විරෝධතාකරුවන් පා ගමනින්  ගාලු මුවදොර පිටිය අසල පිහිටි උද්ඝෝෂණය ස්ථානයට පැමිණ විරෝධතාවයේ නිරත වූහ.


විරෝධතාකරුවන් විරෝධතා පුවරු අතැතිව පැය හතරක පමණ කාලයක් මෙලෙස විරෝධතාවයේ නිරත විය.


තම ඉල්ලීමට කන් නොදුනහොත් ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමුවන බවද මධුරංග මහතා එහිදී සඳහන් කළේය.


ඡායාරූපය : ජයමාල් චන්ද්‍රසිරි

 

වැඩිදුර සේයා රූ සඳහා 

වැටුප් වර්ධක ඉල්ලා වරාය සේවකයෝ විරෝධතාවයක